බොලිවුඩ් නිළි ආලියා භාත්ට කොරෝනා

බොලිවුඩ් රංගන ශිල්පිනියක වන ආලියා බාත් කොරෝනා ආසාදියකු බව තහවුරු වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය මේ බව තහවුරු කළේ සමාජ මාධ්‍ය හරහා ආලියා තැබූ සටහනක් ද ප්‍රසිද්ධියට පත් කරමිනුයි.

‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබෙනවා. ඒ නිසා මා වෛද්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනයට යොමු වුණා’ යැයි 28 හැවිරිදි ආලියා ඉස්ටග්‍රෑම් හරහා ප්‍රකාශ කළා.

ආලියා පසුගිය දිනවල මුම්බායි නුවර ජන්ජේ ලීලා බන්සාලිගේ ‘ගංජුබායි කතියාවාදී’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගීව තිබුණා.

අධ්‍යක්ෂ ජන්ජේ ලීලා බන්සාලි ද පසුගිය මාර්තුවේ කොරෝනා ආසාදිතයකු බව තහවුරු වුණා.

එපමණක් නොව, ආලියාගේ පෙම්වතා මෙන්ම, ජනප්‍රිය බොලිවුඩ් නළු රන්බීර් කපූර් ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු බවට පත්ව තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *