හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවකදී ඇමෝනියා ඇතුලත් වලකට වැටීමෙන් 5 දෙනකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම කර්මාන්තශාලාවේ කළමනාකරු ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
ඊයේ දහවල් මෙම අනතුර සිදුවූ අතර එහිදී විෂ වායුවක් ආඝ්‍රාණය වූ තවත් පිරිසක් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සිද්ධියෙන් මිය ගිය 3න් දෙනෙක් අනතුරට පත්වූවන් බේරා ගැනීමට තැත් කළ පුද්ගලයන් වනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :