පාර්ලිමේන්තුව විශ්වාස නෑ / මොහොන් සමරනායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ වන විට නියෝජනය කරන පිරිස පිළිබද විශ්වාසය තැබිය නොහැකි බව ආචාර්ය මොහාන් සමරනායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අද කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

අපේ පාර්ලිමේන්තුව කෙරෙහි අපට විශ්වාසය තියන්න බෑ. මගේ තක්සේරුව නම් අපේ මහජන නියෝජිතයන් වැඩි දෙනා නූගත්, අඥාන පොත පත නොකියන ස්වාර්ථය මිය අන්කිසිවක් නොසළකන ඉතාම වසල පිරිසක් බවයි.

ඉතින් ඔවුන්ව සල්ලිවලට ගන්න පුළුවන්.බෙදුම්වාදය අද එදාටත් වඩා ප්‍රබලයි දේශපාලන වශයෙන් එවැනි වාතාවරණයක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ රට අවුල් කිරීමක්.

අපේ රට පාලනය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවේ. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව කන්සවේටිව් කල්ලියක්.ඒ අයට රටක් අවශ්‍ය නෑ. ඒ අයට අවශ්‍ය වෙළෙඳපොළක්.

එසේ නම් කවුද මේක ගේන්නේ.13 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට එරෙහිව පාරට බැහැලා, බස් ගිනි තියලා, ජීවිත පූජා කරලා ඝෝෂා කරපු ජනතා විමුක්ති පෙරමුණ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපන ව්‍යාපෘතියක් දියත් කරනවා. ඒකාබද්ධ විපක්ෂයටත් මේවා පිළිබඳ ගැඹුරු කියැවීමක් නෑ.”

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :