දිගන සිද්ධියේ පරීක්ෂණයට සාක්ෂි රැස්කිරීම අදින් අවසන්

පසුගිය මාර්තු මාසයේ මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණයට අදාළව තොරතුරු හා සාක්ෂි එක් රැස් කිරීම අදින් අවසන් වනවා.
එම පරීක්ෂණයේ මූලික අදියර ලෙස මෙම සිදුවීම් වලින් හනියට පත්වූ පුද්ගලයන්ගෙන් සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් තොරතුරු සහ සාක්ෂි ලිඛිතව විමසන අතර එහිදී කරුණු දැක්වීමට අදාල දිනය, ස්ථානය, වේලාව, හඳුනාගත් පුද්ගල නාම සහ ආයතන නාම සඳහන් කළ යුතු බවයි නිවේදනය කෙරුණේ.ඒ සමග ඡායාරූප, වීඩියෝ පට සහ හඬ පටද ඉදිරිපත් කළ හැකිවනවා.
මෙම ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් පිටු තුනකට නොවැඩි වන සේ සකසා ලියාපදිංචි තැපෑලෙන් මහනුවර, පේරාදෙනිය පාරේ, ප්‍රිම් රෝස් පාරේ, අංක 8/1 හි පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරිනිය වෙත යොමු කළ හැකි බවද මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කළා.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :