ශ්‍රී ලංකාව තවදුරටත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ පෙරට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී මැනුවෙලා ගොරේටි නිවේදනය කළේ ඉකුත් වසරේ දෙසැම්බර් වන විට ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බවයි.
ජාත්‍යන්තර සංචිත වර්ධනය කර ගැනීම ඉන් ප්‍රධාන බවද නිවේදනයේ දැක්වෙනවා.
කෙසේ වෙතත් දේශපාලන අස්ථාවරත්වය හා ඇතැම් ගැටුම්කාරී තත්ත්වයන් මෙන්ම බාහිර ණය පීඩනයන් හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අර්බුධයක පවතින බවද නිවේදනයේ සදහන්.
එබැවින් බදු ක්‍රමය ඇතුලුව නව රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ ශක්තිමත් කරමින් ස්වයංක්‍රීය මිල යාන්ත්‍රණයන් හදුන්වාදීම වඩාත් ඵලදායක වනු ඇති බවයි මූල්‍ය අරමුදල අවධාරණය කරන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :