රනිල් – මෛත්‍රී සමාව ගත්තා / පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය විදේශිකයකුගේ සොයුරා කියයි

පාස්කු ප්‍රහාරයෙන් මරණයට පත්වූ විදේශිකයන් දෙදෙනකුගේ සොහොයුරකුගෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාව අයැද සිට ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තාකර තිබෙනවා.
ඩේවිඩ් ලින්සේ ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයෙන් මාස කිහිපයකට පසු ඔවුන් මුණ ගැසුණු අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබද මෙසේ කණගාටුව පළ කළ බවයි.
අදාළ විදේශීකයන් දෙදෙනා බ්‍රිතාන්‍ය හා අමෙරිකානු පුරවැසියන් වන අතර ඔවුන් මියගොස් තිබුණේ ෂැංග්‍රිලා හෝටලය තුල සිදුවූ පිපිරීමෙනුයි.
ප්‍රහාරකයන්ට සමාව දීමට තමන් මෙතෙක් සූදානම් නොමැති බවත් , යළි මෙවන් ප්‍රහාර සිදුනොවීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් ඩේවිඩ් ලින්සේ සදහන් කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *