අගමැතිට එරෙහිව වූ ඇමති 16 ශ්‍රීලනිප බලය අල්ලන මෙහෙයුමක

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදී විපක්ෂයට එක්වීමට තීන්දු කළ ශ්‍රි ල.නි.ප. මන්ත්‍රීන් 16 දෙනා ශ්‍රී ල.නි.ප.යේ අයිතිය තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව අනාවරණ වනවා.

හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති සාකච්ජාවකදීයි එම මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර තිබුණේ.අනතුරුව ඒ ගැන ජනාධිපතිවරයා සමඟ මූලික අදහස් හුවමාරුවෙන් පසු එම කණ්ඩායමේ මන්ත්‍රීන් හය දෙනකුට වහා ලන්ඩනයට පැමිණ තමන් හමුවන්නැයි ජනාධිපතිවරයා දැනුම් දී තිබූ බව සදහන්.ඒ අනුව අනුර යාපා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා පිරිසට ඇරයුම් ලැබුණු අතර අදාළ සාකච්ඡාව සඳහා ලන්ඩනයට ගියේ චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන් බවද දැක්වෙනවා.

එම මන්ත්‍රී පිරිස තම කණ්ඩායමේ තීන්දුව ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර ඉතා ඉක්මනින් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවන ලෙසත් මුළු පක්ෂයම රජයෙන් ඉවත්විය යුතු බවටත් ඔවුන් යෝජනා කර ඇතැයිද අදාළ වාර්තා හෙලිකරනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :