ඉන්දියාවේ කොරෝනා වර්ධනය 8 ගුණයකින් ඉහළට / ඊයේ ආසාදිතයන් 81,000 ක්

මාස 6කට පසු ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ වාර්තා වුණා.
ඒ අනුව ගතවූ පැය 24 තුල ආසාදිතයන් 81,000 ක් එරටින් වාර්තා වනවා.
මෙය පසුගිය මාස 3 තුල පැවැති දෛනික ආසාදිතයන් ගණන 8 ගුණයකින් වර්ධනයවීමක් ලෙසයි නම් කර ඇත්තේ.
කොරෝනා මරණ 469 ක් ද ඊයේ දිනය තුල සිදුව තිබෙනවා.
ඒ අනුව එරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන එක් කෝටි 23 ලක්ෂයක්.
මේ වන විට තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින්  පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඉන්දීය ජනගහනයෙන් සියයට 3කට කොරෝනා එන්නත් මාත්‍රාවක් ලබාදී තිබියදීත් මෙම අවදානම වර්ධනයවී තිබීම විශේෂත්වයක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *