යාල ජාතික වනෝද්‍යානයේ වාසය කළ මිස්සක දළ ඇතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි.
යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු ඩී පී සියාසිංහ මහතා සදහන් කළේ ඊට අදාළව පර්යේෂණ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බවයි.
ඊට පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසක්ද ඇතුලත් වනවා.
යාල ජාතික වනෝද්‍යානයේදී සිදුවූ වෙඩි වැදීමකින් මිස්සක ඇතා ඝාතනය වී ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ කෙරුණේ.
එම තුවාල සහිතව හස්තියා වනෝද්‍යානයේ සති 3ක් පමණ සැරි සරා ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :