විධායකය අහෝසි කරන්න ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සම්පූර්ණ විරෝධය දක්වන බවයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සදහන් කළේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනතා විමුක්ති පෙරමුණේ කොන්දේසිවලට සහය දීමට ඒකාබද්ධ විපක්ෂය නිල තීන්දුවකට පැමිණ නැති බවද විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේ සදහන් කළා..
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කොන්දේසි සහිතව පක්ෂ වන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ප්‍රකාශ කර ඇති නමුත් එය ඒකාබද්ධ විපක්ෂයේ නිල තීරණය නොවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :