තායිවානයේ උමං මාර්ගයක දුම්රිය අනතුරක් / 41 ක් මරුට

නැගෙනහිර තායිවානයේ උමං මාර්ගයක් තුලදී සිදුවූ දුම්රිය පීලිපැනීමකින් පුද්ගලයන් 41 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
පුවත් සේවය වාර්තා කළේ , තවත් පිරිසක් මෙහිදී තුවාල ලබා ඇති බවයි.
අනතුරෙන් පසු උමං මාර්ගය තුල සිරව සිටින්නන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
තුවාල ලැබූවන්ගෙන් බහුතරය බරපතල මට්ටමකින් පසුවන බවද අනාවරණ කර තිබෙනවා.
උමං මාර්ගය පිවිසුමේදී දුම්රිය ලිස්සා යාමකට ලක්වීම අනතුරට හේතුව බවටයි විශ්වාසය පලවන්නේ.
සිද්ධිය වාර්තාවූ අවස්ථාවේ එහි මගීන් 490ක් රැදී සිට තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ක්‍රියාත්මකයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *