චීනයේ උයිගර් ජන සංහාරයක් වන බව අමෙරිකාව පිළි ගනී

චීනයේ ෂීජියෑන් ප්‍රාන්තයේ උයිගර් ජන කොටස් මුල් කර ගත් මානව හිමිකම් කඩ කිරීම ජන සංහාරයක් ලෙස නම් කරන බව අමෙරිකාව පවසනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව දක්වා තිබෙනවා.
මිලියනයක අධික උයිගර් ජන කොටස්වලට එරෙහිව මෙම ක්‍රියාකාරකම් සිදුව ඇති අතර එය බරපතල මානව හිමිකම් කඩ කිරීමක් ලෙසයි අමෙරිකාව පෙන්වා දෙන්නේ.
ෂීජියෑන් ප්‍රාන්තය මුල් කර ගනිමින් , පවතින මෙම තත්ත්වයන් මුල් කර ගනිමින් අමෙරිකාව , චීනය හා රටවල් කිහිපයක් අතර මත ගැටුම් හටගෙන තිබෙනවා.
මෙය තමන්ගේ අභ්‍යන්තර ගැටලුවක් බවත් බාහිර අත පෙවීම් හෙලා දකින බවත් චීනය අවධාරණය කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *