තනතුරු සදහා පත් කිරීම ජන්දයෙන් / දේශපාලන මණ්ඩලයට නව යෝජනාවක්

එක්සත් ජාතික පක්ෂයේ සියලුම තනතුරු සදහා නියෝජිතයින් ජන්දයෙන් තෝරා පත් කර ගත යුතු බවට වන යෝජනාවක් අද පැවැති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ඉදිරිපත්වූ බව එහි නියෝජිත හා ස්විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද පැවැති එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින්.
පක්ෂයේ ඇතැම් තනතුරු නිල බලයෙන් පත් කිරීමට යෝජනා ඉදිරිපත්ව තිබුණද අද පැවැති හමුවේදී මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් නායකත්වය හැර අනෙවක් සියලු තනතුරු ජන්ද විමසීමකින් සිදුකළ යුතු බවට යෝජනා කර තිබෙනවා.
ඒ සදහා පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද එකගතාවය පල කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සදහා එක්සත් ජාතික පක්ෂයේ දේශපාල මණ්ඩල රැස්වීමක් හෙට දිනයේදීත් පවත.්වන බවද ජේ සී අලවතුවල මහතා සදහන් කළා.
ඒ අනුව හෙට පස්වරු 5ට එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය යළි රැස්වීමට නියමිතයි.
මෙහිදී ගනු ලබන තීන්දු අනුව ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පක්ෂයට උචිතම පුද්ගලයින් තනතුරු සදහා පත් කර එක්සත් ජාතික පක්ෂය ජනතාවාදී ජයග්‍රාහී පක්ෂයක් බවට පත් කිරීම අරමුණ බවද බවද ජේ සී අලවතුවල මහතා කියා සිටියා.
එම කටයුතු ලබන 30 වනදාට පෙර අවසන් කර එක්සත් ජාතික පක්ෂය නව ගමනක් ආරම්භ කිරීමට සූදානමින් පසුවන බවයි ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :