හේතුවක් නොමැතිව සිදුවන පොලිස් පහරදීම් ගැන පැමිණිලි කළ හැකියි / නිලධාරීන්ට පහර දිය නොහැකියි – පොලිසිය කියයි

Sri Lanka

යම් පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් හේතුවන් නොමැතිව පහරදීමක් හෝ බලය භාවිත කිරීමක් සිදුවුවහොත්  නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට පහරදිය හැකි බවට සඳහන් යම් තොරතුරු සමාජජාල මාධ්‍ය හරහා සංසරණය වෙමින් ඇති බවත් එය සම්පූර්ණ වැරදි අර්ථකථනයක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එවන් පීඩාවකට ලක්වන පුද්ගලයකුට පොලීසියට, පොලිස් මූලස්ථානයට හෝ පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමට හැකියාවක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ද හැකියාවක් ඇති බවයි ඔහු සදහන් කළේ.

එසේ නොමැතිව නිලඇඳුමින් සිටින පොලිස් නිලධාරීන්ට එරෙහිව බලය පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීම පිළිබඳ නිර්ණායක දණ්ඩ නීති සංග්‍රහයේ 89 සිට 99 දක්වා වගන්තිවල ඇති බවත් විශේෂයෙන් 92 සහ 93 වගන්තිවල ඇති ප්‍රතිපාදන අනුව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

ඒ අනුව 92,93 සහ 96 වගන්තිවල එම කරුණු ඇතුළත් බවත් කිසිම අවස්ථාවක රජයේ සේවකයෙකු තමාගේ නිලයේ නාමයෙන් බලය පාවිච්චි කිරීමේදී ඊට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ නොහැක්කේය යනුවෙන් අදාළ වගන්තියේ සඳහන් බවද අජිත් රෝහණ මහතා පැවසුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *