මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම වහා නතර කරන්නැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තමන්ට දුරකථනයෙන් බලපෑම් කළද නීති විරෝධී ඉදිකිරීම් මැයි පලමුවනදා නියත වශයෙන්ම ඉවත් කරන බව වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
අමාත්‍යවරයා දුරකථනයෙන් බලපෑම් කළ අවස්ථාවේදී තමන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු යටතේ පවතින ආයතනයක් නොවන බව අවධාරණය කළ බවයි අධ්‍යක්ෂකවරයා අවධාරණය කරන්නේ.
එසේම අමාත්‍යවරයාගේ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස තමන් දැනුම් දුන් බවද ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කරනවා.
වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ නෛතික පසුබිම යටතේ කටයුතු කරන අතර ඊට බාධා කිරීම අසාධාරණ බවයි අධ්‍යක්ෂකවරයා සදහන් කරන්නේ.
පසුගියදා නෙදර්ලන්ත ජාතික සංචාරකයින් පිරිසකට ලිංගික හිරිහැර සිදුවූ කලාපයේ පවතින අනවසර ඉදිකිරීම් 17 ක් මේ යටතේ ඉවත් කිරීමට නියමිතයි.
එම පිරිස් මේ ආකාරයේ පහත් දේශපාලනඥයන්ගේ බලපෑම් සහිතව පසුගිය සමයේ අඛණ්ඩව මෙවන් හිංසන ක්‍රියා මිරිස්ස ප්‍රදේශයේ සිදුකර ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව තමන්ගේ අමාත්‍යවරයකු මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස කටයුතු කිරීම වලක්වා නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එයට බාධා නොවන බව තහවුරු කිරීම ජනාධිපතිවරයාගේ යුතුකම හා වගකීම බව අප සිහිපත් කිරීමට කැමැත්තෙමු.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :