කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේදී වෑන් රථ රියදුරකු පදිකයන් මතින් වාහනය පැදවීම නිසා මිය ගිය දස දෙනා අතරට ලාංකීය කාන්තාවක්ද ඇතුලත්ව සිටිනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි රේණුකා අමරසිංහ නම් කාන්තාවක්.
සිද්ධියේදී 15 දෙනකුට තුවාල සිදුවූ අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු විසිපස්‌ හැවිරිදි ඇලෙක්‌ මිනසේත් ලෙසයි හදුනාගෙන ඇත්තේ. ඔන්ටාරියෝහි රිච්මන්ඩ් හිල් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන මොහු අදාළ වෑන් රථය කුලියට ගෙන මෙම අපරාධය සිදු කර තිබෙනවා
පැයට කිලෝ මීටර් හැටක්‌ තැත්තෑවක්‌ අතර වේගයකින් වෑන්රිය පදවමින් පාරේ ගමන් කළ පදිකයන් මොහු විසින් වෑන්රියට යට කළ බව සඳහන්. මාර්ගය පුරා සිරුරු විසිරී තිබී ඇති අතර සිද්ධියෙන් මුළු ටොරෙන්ටෝ නගරයම දැඩි කම්පනයකට පත්ව තිබෙනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :