20 ලබන මාසයේ ගේනවා / ජවිපෙ අනුර කියයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායකය අහෝසි කිරීමට අදාළ 20 වන සංශෝධනය ලබන මාසයේ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද කැදවා තිබූ මාධ්‍ය සාකච්ජාවක් අමතමින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන එනු ලබන්නේ කිසියම් කණ්ඩායමක බල වුවමනාවන් වෙනුවෙන් නොවන බවත් එය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරගැනීමේ වුවමනාවෙන් ගෙන එනු ලබන්නක් බවත් අනුර දිසානායක මහතා මෙහිදී කියා සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ 20වන සංශෝධනය ගෙන ඒම සම්බන්ධයෙන් රට දැනුවත් කිරිමෙන් පසු මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් ගනු ලැබූ පළමු ප්‍රවේශයට ස්තුති වන්ත වන බවත් මහින්ද රාජපක්ෂ/ ප්‍රසන්න රණතුංග සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවත් මෙහිදී සදහන් කෙරුණා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :