හොංකොං හී නිදහස් මැතිවරණ අවසන් /නාතන් ලෝ

Sri Lanka

තවදුරටත් හොංකොං හී නිදහස් සාධාරණ මැතිවරණ නොපැවැත්වෙනු ඇතැයි , හොංකොං හී නිදහස් ක්‍රියාකාරිකයකු වන නාතන් ලෝ පවසනවා.
ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ හොංකොං හී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සමග මෙම තත්ත්වය මතුවන බවයි.
නිදහස් අරගලයක නිරත වන පිරිස් මර්දනය සඳහා මෙම මැතිවරණ ක්‍රමය භාවිත කරන බව ද ඔහු පෙන්වා දෙනවාඳා
මේ යටතේ ස්වාධීන හොංකොං පාලනයක් වෙනුවෙන් පෙනී සිටින්නන්ට දේශපාලනයේ යෙදීම අවහිර කෙරෙන බවටද ඔහු චෝදනා කළා.
මේ වන විට චීන උදහසට ලක්ව සිටින නාතන් ලෝ හොංකොං කලාපයෙන් පලා ගොස් සිටින අතර ඔහු සමග කටයුතු කළ බොහෝ පිරිසක් චීන අත්අඩංගුවේ පසුවනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *