ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු හම්සා බීන් නිවාස අඩස්සියට

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු හම්සා බීන් (Hamzah bin) හුසේන් නිවාස අඩස්සියට ගෙන ඇතැයි වාර්තාවනවා.

ඒ, ආණ්ඩුවේ නායකයින්ට දූෂණ චෝදනා එල්ල කර කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මතයි.

මේ පිළිබඳව සමාජ මාධ්‍යයට වීඩියෝ පටයක් මුදා හරිමින් හම්සා බීන් කුමරු පැවසුවේ , තමා නිවාස අඩස්සියේ පසුවන අතර , තම මිතුරන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහුගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවත් , අන්තර්ජාල හා දුරකතන මාර්ග අවහිර කර ඇති බවත් මෙහි ඇතුළත්.

නිල තනතුරක් නොලබන හම්සා කුමරු රඳවාගෙන සිටින බව ජෝර්දාන හමුදාව හෙළිකර තිබුණා.

හම්සා බීන් යනු අභාවප්‍රාප්ත හුසේන් රජුගේ සහ ඔහුගේ අමෙරිකානු බිරිඳ නූර් රැජිනගේ වැඩිමහල් පුත්‍රයායි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *