ශ්‍රී ලංකාවේ ලෝක උරුම බිම් කඩක් වන නකල්ස් අධි රක්ෂිතයේ සිදුවන ඉඩම් කොල්ලයක් පිළිඹඳ තොරතුරු පරිසර සංවිධාන විසින් අනාවරණය කරයි.නකල්ස් අධි රක්ෂිතය මාතලේ දිස්ත්‍රික්කයට සහ මහනුවර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි රමණිය පරිසර කලාපයකි.

සංචාරක හෝටල් සහ වෙනත් ඉදිකිරීම් සඳහා මෙම ලෝක උරුම බිම්කඩ වෙනත් පළාත්වල ව්‍යාපාරිකයින් සඳහා අලෙවි කිරීමේ ක්‍රියාවලියක් සිදුවන බවත් පෞද්ගලික සත්ව ගොවිපලක් සඳහා නකල්ස් ඉහල කඳු පන්ති ප්‍රදේශයේ අක්කර 900ක ප්‍රමාණයක් මේ වන විටත් පෞද්ගලික ආයතනයකට ලබාදී ඇතිබවටත් තොරතුරු වාර්ථාවේ.

නකල්ස් කදු පන්තියේ අක්කර 21000ක් පමණ වතු ඉඩම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ඇමතිවරයෙකු හා වර්ථමාන කැබිනට් ඇමතිවරයෙකුගේ හිතවතුන් වෙත පවරා දී ඇතිබව පරිසර වේදියෙකු වන සජීව චාමිකර මහතා පවසා සිටියි.මෙසේ පවරා තිබෙන්නේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් කලමණාකරනය ලැබූ වතු ඉඩම් බවද ඔහු සඳහන් කළේ ය. සජීව චාමිකර මහතා මහතා වැඩිදුර අදහස් දක්වමින් පවසා සිටියේ නකල්ස් දුම්බර අඩවියේ දැඩි ආරක්ෂිතව පවතින අක්කර 21000ක පමන භූමි ප්‍රමාණයක් මේ ආකාරයෙන් විනාශ වන්නට වුවහොත් මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට ජල පෝශක ප්‍රදේශයක් අහිමි වන බවයි.එය දැඩි පාරිසරික ගැටලු නිර්මාණය කරන්නකි.

ග්‍රැපික් ශ්‍රී ලංකා පරිසර අධ්‍යන ආයතනයේ ප්‍රධානී පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා කියා සිටියේ ආයතන කිහිපයකට සහ දේශපාලන හිතවතුන් වෙත අක්කර සිය ගණනක් ලබාදීම සඳහා අණපනත් සූදානම් වෙමින් පවතින බවට තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවයි.

“දුම්බර මිතුරෝ” පරිසර සංවිධානයේ සභාපති නිමල් කනහැරආරච්චි මහතා අදහස් දක්වමින් කියා සිටියේ නකල්ස් අඩවියේ ආරක්ෂිත කලාපයන් පෞද්ගලික වතු හිමිකරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට අත්පත් කර දී ඇති බවත් මේ වන විට ඒවායේ සංචාරක හෝටල් හා විවිධ ඉදිකිරීම් සිදු වෙමින් පවතින බවයි.(lktruth)

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :