ලංකාවේ කොරෝනා මරණවලින් සියයට 48ක් අවුරුදු 70 ඉක්මවූ පිරිසෙන්

Sri Lanka

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ මියගොස් ඇති පුද්ගලයින්ගෙන් 269 දෙනෙකු වයස අවුරුදු 70 ඉක්මවූවන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
මෙය ප්‍රතිශතයක් ලෙස සියයට 47.68 බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
මෙරට තුළ මේ දක්වා කොවිඩ් -19 මරණ 579ක් සිදුව ඇති අතර ඉන් 13ක් කොරෝනා පළමු රැල්ල තුල සිදුව තිබුණා.
ඉතිරි මරණ 566 ඔක්තෝබර් මස 4 වන දිනෙන් පසුව සිදුවූ මරණ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
වයස අවුරුදු 61ත් 70ත් අතර කොරෝනා මරණ 146ක් වාර්තා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 25.97ක්.
මීට අමතරව වයස අවුරුදු 51ත් 60ත් අතර මරණ 78ක්, වයස අවුරුදු 41ත් 50ත් අතර මරණ 49ක්, වයස අවුරුදු 31ත් 40ත් අතර මරණ 14ක් මෙරට තුළ සිදුව තිබුණා.
වයස අවුරුදු 10ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් 9 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුවීම හේතුවෙන් මියගොස් ඇති අතර වයස අවුරුදු 10ට අඩු මරණයක් මෙරටින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *