රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට ආර්ථිකය අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
මෙහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව පිළිබද හිටපු ජනාධිපතිවරයාගේ මතය මාධ්‍යවේදීන් විමසූ අතර එහිදී රාජපක්ෂ මහතා සදහන් කළේ අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒ පිළිබද අවසන් තීරණයක් ගන්නා බවයි.
මේ වන විට වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් රට ගැටලු රැසකට මුහුණපා ඇති බවත් රාජ්‍ය දේපල ඒ හේතුවෙන් විකිණිමට යන බවටත් හිටපු ජනාධිපතිවරයා චෝදනා එල්ල කළා.
කඩිනම් මහ මැතිවරණයක් පවත්වන්නේ නම් මෙම ගැටලු විසදිය හැකි බවද මහින්ද රුාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :