රවීට එරෙහිවී ජෝශප් මයිකල් කෘත්‍යාධිකාරියෙන් ඉවත් වෙයි

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උපනායක ධූරයට පත් කිරීමට ගත් තීරණයට  විරෝධය දක්වමින්, හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීයි.
මෙහිදී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උපනායකත්වයට පත් කිරීමට ගත් තීරණයට එරෙහිව කරුණු දක්වා ඇත්තේ ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ රන්ජන් රාමනායක මහතා පමණයි.
ඒ අනුව බහුතර කැමැත්ත මත අදාළ පත් කිරීම සිදුවීම සමග ජෝශප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධීකාරී මණ්ඩලය හැර යන බවයි දන්වා ඇත්තේ.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :