බිලියන ගණනක අවසන් කැමති පත්‍ර අද විවෘත වෙයි

දශක ගණනාවක් තිස්සේ මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන බිලියන ගණනාවක් වටිනා විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ගේ අන්තිම කැමැති පත්‍ර 254 ක් කොළඹ දිසා අධිකරණයේදී අද විවෘත කෙරෙනවා.

මෙලෙස මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තැන්පත් කර තිබෙන්නේ 1931 වසරේ සිට මෙරට විවිධ පුද්ගලයන් තමන් මිය ගිය පසු තමන්ගේ භාරකරුවන්ට, අඹු දරුවන්ට, ඥාති මිත්‍රාදීන්ට හෝ සමාජ සුබසාධන කටයුතු සඳහා පවරා දෙන ලද අන්තිම කැමැති පත්‍ර ලෙසයි අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණේ.

මෙම අන්තිම කැමැති පත්‍ර බහලු ලිපි කවර 254 ක් මහා භාරකාර දෙපාර්තමේන්තුව සතු වනවා.

මහ භාරකාර දෙපාර්තමේන්තුවේ සේප්පුවේ තිබෙන මෙම අන්තිම කැමැති පත්‍ර විවෘත කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහ භාරකාර සනත් වීරරත්න මහතා ඉකුත් 29 දා අධිකරණය වෙතින් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක දිසා විනිසුරු චමත් මදනායක මහතා මෙම අවසරය ලබාදුන්නා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :