සුරංග ලක්මාල් වේගයෙන් දියුණු වූ පන්දු යවන්නා ලෙස නම් කරයි

සුප්‍රසිද්ධ විස්ඩන් සඟරාව මගින් ලොව වඩාත්ම හොඳින් දියුණු වූ දක්ෂතා ඇති ටෙස්ට් පන්දු යවන්නා ලෙසින් සුරංග ලක්මාල් නම් කර තිබෙනවා.

ඒ පසුගියදා නිමාවූ බටහිර ඉන්දීය කොදෙව්-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවයි.

සුරංග 2010 වසරේ ටෙස්ට් වරම් දිනා ගන්නා අතර අද වනවිට ඔහු වසර 11කට අධික කාලයක් ටෙස්ට් පිටියේ රැඳී සිටිනවා.

විස්ඩන් සඟරාව පවසන අන්දමට ටෙස්ට් වේගපන්දු යවන්නෙකුගේ දක්ෂතා පවත්වා ගැනීම සීමාසහිත වන අතර ආරම්භයේදී සෙමෙන් ගමන් ඇරඹූ සුරංග අද වනවිටද දක්ෂතා අතර සිටීම විශේෂත්වයක් බවයි පෙන්වා දෙන්නේ.

සුරංග ලක්මාල් නිමාවූ කොදෙව් තරගාවලියේදී ඉනිම් 4කදී පන්දුවාර 92ක් ක්‍රියාත්මක කර ඇති අතර ඉන් පන්දුවාර 33ක්ම නිලකුණු පන්දුවාර වුණා.

එහිදී සුරංග ලකුණු 236කදී කඩුලු 11ක් බිඳ හෙළා ඇති අතර මෙම තරගාවලියේ සිය හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 47කට කඩුලු 5ක් දැක්වෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *