ඉදිරි දින කිහිපය වඩා උණුසුම් / වැඩිපුර ජලය පානය කරන්න ජනතාවට උපදෙස්

Sri Lanka

ඉදිරි දින කිහිපය තුළද රටපුරා ඇගට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින නිසා ජලය වැඩිපුර පානය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

රටට බලපා ඇති අන්තර් මෝසම් සමය තුළ මෙවැනි උණුසුම් තත්ත්වයක් ඇතිවන බවත් විශේෂයෙන් මුලතිව්, වවුනියා, ත‍්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, මොනරාගල යන ප‍්‍රදේශවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනනෙන උණුසුමක් පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සදහන් කළා.

වැඩබිම් වල සිටින පිරිස් ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානයක හැකි පමණ විවේක ගැනීම, නිවෙස්වල වැඩිහිටි හා රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත්වීම, වාහන තුළ කුඩා ළමුන් තනිකර රඳවා නොයෑම, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇඳුම් භාවිත කිරීම වඩාත් ඵලදායක බවයි ජනතාවට දැනුම්දී ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *