රිය අනතුරුවලින් ,මාස 3ට පොලිස් නිලධාරීන් 20ක් මරුට

ගතවූ මාස 15 ක කාලය තුළ රිය අනතුරුවලට ලක්වීමෙන් පොලිස් නිලධාරීන් 47 දෙනකු මරුමුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එසේම මෙම කාලසීමාව තුළ පොලිස් නිලධාරීන් 367 දෙනකු රිය අනතුරුවලට ලක්ව තුවාල ලබා ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

පසුගිය වසරේදී (2020) රාජකාරියේ යෙදී සිටියදී පොලිස් නිලධාරීන් 293 දෙනකු තුවාල ලබා ඇති අතර ඉන් නිලධාරීන් 30 දෙනකු පමණ මියගොස් තිබෙනවා.

මෙම වසරේ (2021) ගතවූ මාස තුන තුළදී පොලිස් නිලධාරීන් 70 දෙනකු රිය අනතුරුවලට ලක්ව ඇති බවත්, ඉන් නිලධාරීන් 20 දෙනකු පමණ මියගොස් ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසුවා.
ඊයේ දිනයේ දීත් එවන් එක් මරණයක් වාර්තා වුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *