ලියාපදිංචි කළ සෆාරි ජීප් රථ පමණක් යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු කර ගන්නා ලෙස එම වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
මේ වන විට 1200කට ආසන්න සෆාරී ජීප් රථ ප්‍රමාණයක් දිනපතා වනෝද්‍යානයට ඇතුලු වන අතර ඒ හේතුවෙන් යාල වනෝද්‍යානයේ සතුන් දැඩිව අනාරක්ෂිතවී ඇති බවයි එම සංගමයේ සභාපති පීඩී කීර්ති මහතා ප්‍රකාශ කරන්නේ.
මේ සම්බන්ධයෙන් බලධාරීන් වෙත දැනුම්දීමක් සිදුකළද ඒ පිළිබද මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවටද ඔහු චෝදනා එල්ල කරනවා.
මෙසේ වනෝද්‍යානයට ඇතුලු වන සෆාරි රථයකට සතකු මුණ ගැසුණු වහාම ඒ පිළිබද ජීප් රථ වෙත දැනුම් දීම් සිදුවන අතර එවිට ජීප් රථ විශාල ප්‍රමාණයක් වේගයෙන් එම ස්ථානයට පැමිණ සතුන් වට කරගෙන ජායාරූප ගැනීම සිදුකරන බවයි සභාපතිවරයා පවසන්නේ.
ඒ අනුව යාල වනෝද්‍යානයේ ඇති දුරකථන කුලුණ අක්‍රිය කරන්නැයි ඉල්ලා සිටියද කිසිවකු ඊට පියවර නොගන්නා බවද ඔහු සදහන් කරනවා.

”ඇත්තටම අද වනවිට යාල සෆාරි ජීප් රථ සංඛ්‍යාව වැඩි. අපි මේ නිසා නිතරම රජයෙන් ඉල්ලා සිටියා මෙම ජීප් රථ සීමා කරන්න කියලා. නමුත් රජය එය නිසි අයුරින් ක්‍රියාත්මක නොකළ බැවින් යාල තුළ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.”

”යාලදී සතෙක් දුටු විට තත්පර ගානකින් ඒ සතාව ජීප්වලින් වටකර ගන්නවා. ඒ සතාගේ නිදහසට බාධා ඇතිවෙන ආකාරයෙන් ඒක කරන්නේ දුරකතන මගින්. සතෙක් දැක්ක ගමන් අනෙක් අයට දුරකතන මගින් කතා කරලා සතා ඉන්න තැන කියනවා. එතකොට තමයි මේ ප්‍රශ්නය වැඩි වෙන්න. අපි මෙහි තිබෙන දුරකතන කුලුන ඉවත් කරන්න කියලත් ඉල්ලීමක් කළා,”

“ඒවාට බලධාරීන් ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් හැමෝම දොස් කියන්නේ ජීප් රථ වලට පමණයි. කිසිකෙනෙක් දන්නේ නැහැ ජීප් රථ සංගමයෙන් මෙවැනි ඉල්ලීම් කරන බව. ජීප් රථ සීමා කරන්න කියලා අපි මේ වනවිට ස්වයං වාරණයක් පනවා තිබෙනවා,”

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :