අඟහරු රෝවරයේ හෙළිකොප්ටරය අඟහරු මතට මුදා හරී

නාසා හී , පර්සිවරන්ස් රෝවරයේ ඇතුලත් ක්වාඩ්කොප්ටර් වර්ගයේ හෙළිකොප්ටර් යානය අඟහරු මතට මුදා හැර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් මගින් නාසා ආයතනය මේ බව අනාවරණ කළා.
ඒ අනුව කිලෝ 1.8 ක් බර මෙම යානය සිය මංගල පියාසැරිය වෙනුවෙන් වන පළමු පියවර මෙහිදී සම්පූර්ණ කළ බවයි රෝවර් යානය තහවුරු කළේ.
ලබන 11 වනදා යානය මුල්වරට අඟහරු මත පියාසර කරවීමට නියමිතයි.
කෙසේ වෙතත් නාසා ආයතනය පවසන්නේ , ඒ දක්වා අඟහරුගේ රාත්‍රීන් වල මෙම යානය ආරක්ෂාවී සිටිය යුතු බවයි.
රෝවර් යානයේ බද කොටසේ පැවැති මෙම හෙලිකොප්ටරය ජෙසේරෝ ආවාටයේ ආරක්ෂිත ස්ථානයක් තුලදීයි මෙසේ මුදා හැර ඇත්තේ.
අඟහරුගේ මෙන්ම පෘථිවි ඉතිහාසය තුලද සුවිශේෂ අවස්ථාවක් බවට මෙය පත්වීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *