මිරිස්ස වෙරළේ ජඩකම් ගැන ජාත්‍යන්තරයේ අවධානය

මිරිස්ස ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට පසුගියදා එල්ලවූ ප්‍රහාර හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි හානි මතුවන තත්ත්වයක් නිර්මාණයවී තිබෙනවා.
මේ වන විටත් ජාත්‍යන්තර මාධ්‍ය ලංකාවේ දී විදෙස් සංචාරකයින්ට එල්ලවන ප්‍රහාර පිළිබද දැඩි අවධානයක් යොමුකර ඇති අතර ඊශ්‍රායලයේ ප්‍රකාශයට පත් කෙරෙන ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල් පුවත්පතද ඒ පිළිබද විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට පොලිස් ආරක්ෂාව මැද සිය සංචාර සිදුකිරීමට වන තත්ත්වයක් නිර්මාණයවී ඇති බවයි.
පසුගියදා මිරිස්සේදී ඊශ්‍රායෙල් ජාතිකයින් 5 දෙනකුද ප්‍රහාරයට ලක්ව තිබූ අතර සංචාරක කාන්තාවන්ට එම ප්‍රදේශයේදී ලිංගික හිංසයන්ද සිදුව ඇති බවටයි එම පුවත්පත කරුණු දක්වන්නේ.
2014 දී තංගල්ල ප්‍රදේශයේදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියක්ද ලංකාවෙන් වාර්තාවන බවයි පුවත්පත සදහන් කර ඇත්තේ.
ඒ අනුව සංචාරකයින් ගැවසෙන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවද එහි දැක්වෙනවා.
පසුගිය වසරේදී අමෙරිකානු රජය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සදහා නිකුත් කළ උපදෙස් මාලාවේ මෙරට තුල කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසන වැඩි බැවින් ප්‍රවේශම්වන ලෙස දන්වා ඇති බවටයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායෙල් පුවත්පත කරුණු දක්වන්නේ.
මිරිස්සේ නීති විරෝධී ඩී ජේ මධ්‍යස්ථාන හා වෙරළේ නීති විරෝදි සාද සැලසුම් කරන්නන් මෙම ක්‍රියාවන්ට සම්බන්ධ බව හෙළිව ඇතත් ඇතැම් අමාත්‍යවරුන් හිරිකිතයකින් තොරව එම නීති විරෝධී ක්‍රියා සිදුකරන ස්ථාන ආරක්ෂා කිරීම සදහන් කළ හැකිවන්නේ රටේ සංචාරක කර්මාන්තය විනාශ කරන රටේ කීර්තිය අහිමි කරන පාපතර ක්‍රියාවක් ලෙසයි.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :