රන්ජන්ගේ මන්ත්‍රී ධුරයේ ඉරණම විසදෙයි / පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරයි

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව රන්ජන් රාමනායක මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණය විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරොයා යන මහත්වරුන් විසින් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නියෝගය අද දින නිකුත් කිරීමට නියමිතව තිබූණද එම පෙත්සම අභියාචනාධිකරණය විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කර තිබුණා.
මේ සමග රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ගනු ලබන කිසිදු පියවරක් වැළැක්වීමට අවස්ථාව අහිමි වනවා.
ඒ අනුව තෙමසක් පාර්ලිමේන්තු සැසිවර සදහා සහභාගී නොවීම හේතුවෙන් , ලබන සතියෙන් පසු ඔහුගේ මන්ත්‍රී ධූරය නිල වශයෙන් අහිමිවීමට නියමිතව තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *