අහිමි කළ කිරුළ යළිත් පුෂ්පිකා ද සිල්වාට හිමිවෙයි

Sri Lanka

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී, විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳ සුළු මොහොතකින් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට යළි විවාහක රූ රැජිණ කිරුළ ලබා දී ඇති බව වාර්තා වනවා.

පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සහෝදරිය අනාවරණ කළේ , අද (5) පස්වරුවේ යළිත් ඇයට කිරුළ ලබා දුන් බවට සංවිධායක මණ්ඩලය තහවුරු කළ බවයි.

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් මහා තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ඊයේ (04) රාත්‍රියේ පැවැත්වුණු අතර එහිදී 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තේරී පත් වූයේ පුෂ්පිකා ද සිල්වා මහත්මියයි.

කිරුළ පැළඳීමෙන් මිනිත්තු කිහිපයකට පසුව සභාවේ සිටි අයෙකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතු වුණා.

පසුව තීරක ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ ඇය වෙතින් ගලවා අනුශූරතාව ලබාගත් තැනැත්තියට පැළඳ වූ අතර එහිදී ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය පිළිබද සමාජ මාධ්‍යයේ අප්‍රසාදය පළව තිබුණා.

මේ අතර මෙම සිද්ධියට මුහුණ දුන් පුෂ්පිකා ද සිල්වා අද රෝහල්ගත කර ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.
ඒ අදාළ කිරුළ ගලවා දැමූ අවස්ථාවේ හිස තුවාල වීම මුල් කරගෙනයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *