පූජා කරන්න ගිය බුදු පිළිම 1000කට බදු ගහලා

චීන බෞද්ධ දූත පිරිසක් විසින් මෙරට දුෂ්කර විහාර සදහා නොමිලේ පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහන්සේලා දහසක් වෙනුවෙන් රජය විසින් ලක්ෂ තිස් දෙකක බදු මුදලක් නියම කිරීම හේතුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ පල කරන ලද අදහස්.

වෙසක් පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක් මහා සංඝරත්නය පිරිසක් හට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක් කළා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා ලංකාව පුරා විසිරිලා ඉන්න වැඩ වෙසෙන  මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා,  ඔවුන්  එය ලබා දෙන්නට කැමති වුණා ඉන්පසු මා එවන්න කියා සිටියා. ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස් නව තාක්ෂණය ඔස්සේ පටිගත කර කැසට් යන්ත්‍ර  අද මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා.

ඉතින් මේ ලිපි ලේඛන ඔක්කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්සේ චක්‍රලේඛයක් කියලා එකක් ඉදිරිපත් කළා, ඉතින් මේ  චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස් කරන්න බෑ කියලා.  මේවාට ලක්ෂ තිස් දෙකක්, මිලියන තුනක් ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කණගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක් මේ ලංකාවෙ තියෙන්නෙ කියලා.  ඒ අය මේ රටේ විතරක් නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලය  මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්සේ.

ඉතින් අද මේ ලෝකෙම වෙසක් මංගල්‍යය සමරනවා. ඒ වගේම අපේ රටේත් සමරනවා. ජනාධිපති අගමැති එක තැනකට වෙලා වෙසක් උත්සවය සමරනවා. ඉතින් මෙය හදවතට එකඟවද මේ වගේ දේවල් කරන්නේ, ලෝකය රවට්ටන්නද, ලංකාවේ මිනිස්සු රවට්ටන්නද මේවා කරන්නේ. මම කියනවා
කතිරයෙන් දිනලා පාර්ලිමේන්තුවට යන අයගේ වාහන වලටත් මේ බද්ද ගහන්න ඕනේ කියලා, තවත් මංකොල්ල කන ඒවා බොහොම රාශියක් තිබෙනවා, ඒවාට චක්‍රලේඛන නැද්ද? හොරෙන් මංකොල්ල කෑවේ කොහොමද කියලා තමයි අපි අහන්නේ.
වැඩමවන ලද සංඝයාවහන්සේ දහස් නමක් පමණ මෙම ස්ථානයේ වැඩසිටිනවා. උන්වහන්සේලාගේ බලවත් විරෝධය  රජයට පළකර සිටිනවා මෙවැනි අදූරදර්ශී නායකයන් රටට උවමනා නෑ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :