සියයට 10කින් බස් ගාස්තු වැඩි කිරීමට ඉල්ලීමක්

සියයට 10ක කඩිනම් බස් ගාස්තු වැඩිවීමක් අත්‍යාවශ්‍ය බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ රුපියල අවප්‍රමාණයවීම හේතුවෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාමට බලපෑම් එල්ලවී ඇති බවයි.
මෙම තත්ත්වය තුල බස් රථ ආනයනයේදී මෙන්ම අමතර කොටස් මිල ඉහළ යාම සිදුව ඇති බැවින් පුද්ගලික බස් කර්මාන්තය අර්බුධයකට ලක්ව ඇති බවද ගැමුණු විජේරත්න මහතා සදහන් කරනවා.
රුපියල අවප්‍රමාණයවීම හමුවේ බස් රථයක් ආනයනයේදී වැය කරන මුදල රුපියල් ලක්ෂ 2කින් වැඩිවී ඇති බවද ඔහු කියා සිටියා.
ඒ අනුව ජූලි පළමුවනදා සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී සියයට 10 ක ගාස්තු වැඩිවීමක් අත්‍යාවශ්‍ය බවයි සභාපතිවරයා සදහන් කළේ.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :