සිද්ධිකාගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඇරඹෙයි

Sri Lanka

රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්නට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ආචාර්ය සිද්ධිකා සේනාරත්න ප්‍රකාශ කර තිබුණේ සමාගම් කඩා වැටෙන බැවින් පිළිකා කාරක අඩංගු තවත් ආහාර සම්බන්ධයෙන් හෙළි කළ නොහැකි බවයි.

ඊයේ දිනයේද පාර්ශ්ව කිහිපයක් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවසුවේ දේශීය සමාගම් කඩාවැටෙන බැවින් පිළිකාකාරක අඩංගු ආහාර සම්බන්ධයෙන් හෙළි කළ නොහැකි බවයි.

රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස ඇය කළ මෙම ප්‍රකාශය දැඩි අප්‍රසාදයකට ලක්ව තිබෙනවා.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාකලාපය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද දැඩිව විවේචනය කළා.

අදාළ ප්‍රකාශය පදනම් කරගනිමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය, ලක්මවට හඬක් සංවිධානය සහ ජනබල පවුර සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කළා.

පිළිකාකාරක අඩංගු ආහාර නිෂ්පාදන සමාගම් රකිමින් ජනතාව විනාශ කිරීමට ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කටයුතු කර ඇති බව එම පැමිණිලි මගින් පෙන්වා දී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *