ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා.
1886 වසරේ මැයි මස පළමු වනදා තම දෛනික වැඩ මුරය පැය අටකට සීමා කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පිරිසක් සිදු කළ අරගලය ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස හඳුන්වනවා. එම අරගලයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය කම්කරුවන් සිහිකරමින් 1889 වසරේ සිට සෑම වසරකම මැයි පළමු වනදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප‍්‍රකාශයට පත් කළා. චිකාගෝ නුවරදී වෙඩි උණ්ඩයට බිලි වී රුධිරයෙන් තෙත් වූ කම්කරුවන්ගේ ඇදුම් රතු ධඡයක් බවට පරිවර්තනය වී කම්කරුවාගේ වර්ණය සහ ධඡය බවට පත් වුණා.මෙවර ලංකාවේ කම්කරු දින සැමරුම ලබන 7 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
එහෙත් අද දිනයේදී පක්ෂ හා වෘත්තීය සමිති කිහිපයක් විසින් මැයි දින පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :