කැරොලයින් ජූරිගේ හැසිරීම ගැන අමෙරිකාවේ මිසිස් වර්ල්ඩ් අයි එන් සී ආයතනයෙන් විමර්ශනයක්

විවාහක රූ රැජිණ තරගාවලියේ අවසන් තරගයේදී කිරුළ සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අමෙරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි මිසිස් වර්ල්ඩ් අයි එන් සී (Mrs world inc.) සමාගම ප්‍රතිචාර දක්වා තිබෙනවා.

කැරලින් ජුරීගේ අසාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් මවිතයට පත් වන බවයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

විවාහක රූ රැජිණ තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජිත චන්දිමාල් ජයසිංහ මහතාගෙන් ලෝක සංවිධානය ඉල්ලා තිබෙන්නේ කැරොලින් ජූරිගෙන් මේ පිළිබඳව සමාව අයදින ලිපියක් ලබා ගෙන ඉදිරිපත් කරන ලෙසයි.

මිසිස් වර්ල්ඩ් අයි එන් සී ආයතනය සිහිපත් කර ඇත්තේ , ලෝක මට්ටමේ තරගාවලියකදී සෑම තරගකාරියක් ම විවාහ වී සිටිම අත්‍යවශ්‍ය කරුණක් බවයි .

කෙසේ වෙතත් ,කැරොලයින් ජූරි ලංකාවේ පැවැති තරගයේදී තරග රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව එම ආයතනය දැනුම්දී තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *