මිරිස්සේදී නිලධාරීන් අසරණ කළ දේශපාලන තකතීරුවෝ

මෙරට සංචාරක කර්මාන්තය අපකීර්තියට පත් කරමින් මිරිස්ස වෙරළ තීරයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සංචාරක ස්ථාන ඉවත් කිරීමේ කටයුතු අත්හිටවූ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
මෙම නීති විරෝධී ස්ථාන මුල් කර ගනිමින් සංචාරකයින්ට පහරදීම ඇතුලු අයථා ක්‍රියා සිදුකරන බවට ලද පැමිණිලි පිළිබද පසුගිය සමයේ දැඩි අවධානයක් යොමුවූ අතර එය ජාත්‍යන්තරයේද අවධානයට ලක්වුණා.
ඒ ඊශ්‍රායල ජාතිකයින් කිහිපදෙනකුට පහරදීම / නෙදර්ලන්ත ජාතිකයින් කිහිප දෙනකුට පහරදීහ හා සංචාරක කාන්තාවන්ට අතවර කිරීමේ සිද්ධීන් හේතුවෙනුයි.
කෙසේ වෙතත් මෙම අනවසර ඉදිකිරීම් අද ඉවත් කිරීමට නියමිතව තිබූ අතර ඊට අමාත්‍ය ෆයිසර් මුස්තාපා දැඩි බලපෑම් එල්ල කළ අතර ඒ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට අයත් ආයතනයක්ව නොතිබියදීයි.
මේ පිළිබද මීට පෙර අදහස් දැක්වූ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කළේ තම ආයතනය ජනාධිපතිවරයා යටතේ පාලනය වන බැවින් මෙම ඉවත් කිරීම වැලැක්විය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවයි.
ඒ අනුව මෙරට නිලධාරීන්ට නීතියට අනුව ස්වාධීනව කටයුතු කිරීමට යහපාලන නාමපුවරුව තුලද ඉඩ නොදෙන බව පැහැදිලි වන බවයි සමාජ මාධ්‍ය තුල සදහන් වන්නේ.
ඒ අනුව සදහන් තැබිය යුතු වන්නේ රට හමුවේ සුදු සලු පිළි ඇද ප්‍රබුද්ධ දේශපාලනයක් සිදුකරන බව හගවන දේශපාලනඥයන් හා අවස්ථාවාදී දේශපාලනඥයන් විසින් මිරිස්සේදී නිලධාරීන් අසරණ කර තමන්ගේ නිරුවත ලෝකයට හෙළි කළ බව වඩාත් සාධක සහිතව පැහැදිලි අතර රට පුරාම අනවසර ඉදිකිරීම් අවස්ථාවාදී දේශපාලනය හේතුවෙන් නීතිගත වීමේ අවධානමක්ද මේ අනුව මතුවී ඇති බවයි.

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :