දෙවසරකට පෙර මැරුණු බව කී දීගදන්තු 1 ඇතා යළිත් හමුවෙයි

Sri Lanka

දෙවසරකට පෙර දී මරණයට පත්වූ බව පැවසුණු කලා වැව ආශ්‍රිතව ජීවත් වූ දීග දන්තු- 1 ඇතා කලාවැවෙන් නැවත සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් පැවසුවේ අවුරුදු දෙකක් පමණ කාලයක් කලාවැව ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි මෙම සද්දන්තයා යළිත් කලාවැව රක්ෂිතයේ ගලගොඩවල ප්‍රදේශයේ සැරිසරන බවයි.
2019 වසරේ අගෝස්තු මාසයේ දී කලාවැව සියඹලාගස්පිටියදී මිය ගොස් සිටි ඇතකුගේ සිරුරක් හමූ වූ අතර එම අවස්ථාවේ දී පිළිගනු ලැබුවේ එම හස්තියා දීගදන්තු 1 හස්තියා බවයි.
තවත් ඇතෙකුගේ පහර දීමකින් එම හස්තියාගේ මරණය සිදුව තිබුණා.
එහෙත් 2019 වසරේ ඒ ආකරයට මිය ගොස් ඇත්තේ දීග දන්තු- – 2 ඇතා බවයි මේ වන විට ප්‍රකාශ වන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *