ප්‍රමිති ආයතනයේ දූෂිත නිලධාරීන් ඉවත් කරන්න / ඕමල්පේ සෝභිත හිමි ඉල්ලයි

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ඇතුළු කාර්යය මණ්ඩලය මේ දක්වා කූඨ ව්‍යාපාරිකයින් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බැවින් ඔවුන් වහාම එම තනතුරුවලින් ඉවත් කළ යුතු බව පූජ්‍ය , ඕමල්පේ සෝභිත හිමි පවසනවා.

උන්වහන්සේ පවසන්නේ රටේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ප්‍රමිති ආයතනය කටයුතු නොකරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“ප්‍රමිති කාර්යාංශයේ පරමාර්ථය හොඳ වුණත් එහි කටයුතු කරන අය මිනිස්සු මැරුණත්, ලෙඩ වුණත් කමක් නෑ කූඨ ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන්න මේ නිලධාරීන් කැපවෙලා ඉන්නේ කියන එක පැහැදිලිව ඔප්පු වුණා. ඒ නිසා මේ වගේ දූෂිත, අදූරදර්ශී, ප්‍රතිපත්ති විරෝධි කටයුතු කරන නිලධාරීන් වහාම සේවයෙන් පහකළ යුතුයි. එපමණක් නෙමෙයි මේ දක්වා කළ මහා පරිමාණ හානියට දඬුවම් කළ යුතුයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *