ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධයක් හෙළිවෙයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හා රුධිර කැටි ගැසීම් අතර සෘජු සබදතාවයක් පවතින බව , යුරෝපා සෞඛ්‍ය ඒජන්සිය තහවුරු කර තිබෙනවා.
එම ඒජන්සිය අද අනාවරණ කළේ දුර්ලභ මට්ටමින් බලපාන මොළයේ රුධිර කැටි ගැසීම් ස,හා මෙම එන්නතේ සබදතාවයක් ඇති බවයි.
මෙම තත්ත්වය මතුවීමට නිශ්චිත හේතුවන් මෙතෙක් අනාවරණ කර නැහැ.
මිලියන සංඛ්‍යාත පිරිසකට එන්නත ලබාදීමෙන් පසු සිදුකළ, අධ්‍යයන අනුවයි මෙම දත්ත අනාවරණවී ඇත්තේ.
මේ අතර ඇරස්ට්‍රා සෙනිකා එන්නත ලබාගත් 7 දෙනකු මියගොස් 30 දෙනකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි බ්‍රිතාන්‍යය අනාවරණ කර ඇත්තේ.
ඒ එන්නත ලබාගත් මිලියන සංඛ්‍යාත පිරිසක් අතරිනුයි.
මෙම තත්ත්වය සලකා බලමින් එන්නත පිළිබද තීරණයක් ඉදිරි සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *