රන්ජන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙයි – Breaking News

Sri Lanka

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ඒ සිර දඩුවම් නියමවීම හා මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගොනුකරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වීම සමගයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසම වෙත දැනුම්දීමක් ද සිදුකර තිබෙනවා.
ඒ අනුව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලයිස්තුව අනුව මීළග මන්ත්‍රීවරයා පත්කිරීමට නියමිතයි.
මේ වන විට එම ලයිස්තුවේ රැදී සිටින්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ අජිත් මාන්නප්පෙරුම මහතායි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *