කොරෝනා වැළදී සුවය ලැබූවන්ගෙන් සියයට 30කට ස්නායු රෝග / අධ්‍යයනයක් හෙළිකරයි

Sri Lanka

කොරෝනා වෛරසය වැළදී සුවය ලබන පුද්ගලයන්ගෙන් සියයට 30ක් තරම් ප්‍රමාණයක් , මොළයේ හා ස්නායූ ආබාධ මෙන්ම , මානසික සෞඛ්‍ය ගැටළුවලට ගොදුරු වන බව අනාවරණවී තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයන් 236,000 ක් භාවිත කරමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.
එම වාර්තාව හෙලිකරමින් ලැන්සෙට් සඟරාව පවසන්නේ, ආසාදිතයන්ගෙන් සියයට 17 ක් ස්නායු හා මානසික ගැටලුවලට ලක්ව ඇති බව , මෙහිදී හෙලිවන බවයි.
ආසාදිත තත්ත්වයෙන් සුවය ලබා මාස 6කට පසුව මෙම තත්ත්වයන් වර්ධනය වී ඇතැයි ද එම වාර්තාව පැවසුවා.
සියයට 7ක් අර්ධ වශයෙන් මානසික කම්පනයට මෙන්ම සියයට 2ක් බරපතල මට්ටමේ මානසික පීඩානයන්ට ලක්ව ඇති බවද එහිදී හෙලිව තිබුණා.
මෙහි සමස්ථ වාර්තා අනුව සුවය ලැබූ ආසාදිතයන්ගෙන් සියයට 44ක් කවර මට්ටමක හෝ ස්නායු ගැටලුවලට ලක්වන බවයි තහවුරු කර ඇත්තේ.
මෙය කෙටිකාලීන අධ්‍යයනයක් වන බැවින් ආසාදනයෙන් ඇති වන දිගු කාලීන ගැටළු පිළිබද හෙලිවී නැහැ.
කෙසේ වෙතත් කොරෝනා ආසාදිතයන්ට සෞඛ්‍ය තත්ත්වය පිළිබද දීර්ඝකාලීනව සැලකිලිමත්වීමට සිදුවන බවයි ලැන්සෙට් සඟරාව පෙන්වා දෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *