අභාවප්‍රාප්ත හෙළියේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතා අද පස්වරුවේ දැයෙන් සමුගත්තා.
ඒ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්‍රයේ පැවැති අවමංලග්‍ය උත්සවයකින් පසුවයි.
මෙරට සිනමාවට විශිෂ්ට සේවයක් ඉටු කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පසුගියදා මරණයට පත්වන විට 99 වන වියේ පසුවුණා.
මේ අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේ ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී හිමිවු රණ මයුර සම්මානය අද අතුරුදන්වී තිබෙනවා.
එතුමා වෙනුවෙන් නිවසේ පැවැති ආගමික වතාවත් සිදු කිරීමේදීද සම්මානය එහි තිබි ඇති බව සදහන්.
කෙසේ වෙතත් අවසන් ගෞරව දැක්වීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් එහි ගැවසෙන අතරතුරයි සම්මානය අතුරුදන්ව ඇත්තේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :