කිරිපිටි ආනයනය නවතී / මිල වැඩිවීම ස්ථිරයි

කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් මේ වන විට කිරිපිටි ආනයනය නතර කර දැමීමට සමාගම් කිහිපයක් කටයුතු කර ඇති බව වාර්තාවනවා.
ඒ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම මුල් කරගෙනයි.
කිරිපිටි ආනයනය කරන සමාගම් විසින් රුපියල් සියයකින් කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති අතර රුපියල් 50කින් එම මිල වැඩි කිරීමටයි කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා අවධානය යොමුකර ඇත්තේ.
කෙසේ වෙතත් ලංකාවට ගෙන එන කිරිපිටි ගුණාත්මක බවින් අඩු හා මිනිස් පරිභෝජනයට එතරම් සුදුසු නොවන ඒවා බව හෙලිව තිබියදීයි එම ආනයනය දිගින් දිගටම සිදුව ඇත්තේ.
ඒ අනුව කිරිපිටි ආනයනය අත්හිටුවන බවට සමාගම් සිදුකරන තර්ජන නොතකා එය දේශීය කිරි නිෂ්පාදනය වර්ධනයට යොදා ගැනීම රටට හිතැති ආණ්ඩුවක වගකීම බවයි සදහන් කළ හැකිවන්නේ.
කෙසේ වෙතත් නිදහසින් පසු ලංකාව ගමන් කරමින් තිබෙන ආකාරය දෙස සලකා බැලීමේදී කිරිපිටි ආනයනය අත්හිටුවීමට හෝ මෙම තත්ත්වයෙන් දේශීය කිරි නිස්පාදනය වර්ධනය කිරීමට බලධාරීන් මෙන්ම නිලධාරීන්ද කටයුතු කරනු ඇතැයි අප නොසිතන අතර ඒ හේතුවෙන් නියත වශයෙන්ම කිරිපිටි මිල ගණන් ඉහල යාම සිදුවන බවයි නිවැරදින අනාවැකි පල කළ හැකිවන්නේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :