තේ වල ග්ලයිපොසෝට් බහුල බවට නවතම අනාවරණයක්

ලොව පුරා තේ නිෂ්පාදනවල ග්ලයිෆොසේට් අවදානම් සහගත ප්‍රතිශතයක් ඇතුලත් බව නවතම අමෙරිකානු වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව මිනිසා භාවිතා කරන ජලය හැරුණු විට මෙතෙක් වැඩිම ග්ලයිෆොසේට් ප්‍රමාණයක් අන්තර්ගත පානය ලෙසයි තේ නම් කර ඇත්තේ.
ලොව පුරා වල්නාශකයක් ලෙස භාවිතා කරනු ලබන ග්ලයිපොසේට් වල් නැසීම සාර්ථකව ඉටු කළද තේ තුල මෙසේ එහි අණු හමුවීම අවදානම් තත්ත්වයක් ලෙස අමෙරිකාවේ ජීව විද්‍යාව පිළිබද මොරොස්කි විද්‍යාලය අවධාරණය කරනවා.
ඒ අනුව තේ පාලනය කරන ලොව පුරා බිලියන 2ක පමණ ප්‍රමාණ්‍ය මේ පිළිබද අවධානය යොමුකළ යුතු බවයි වාර්තාවේ දක්වා ඇත්තේ.
මේ වන විටත් ප්‍රංශය ජර්මනිය වැනි රටවල ග්ලයිපොසේට් විරෝධයක් පැවතියද ඊයේ සිට මෙරට තේ හා රබර් නිෂ්පාදනවලට ග්ලයිපොසේට් භාවිතයට අවසර හිමිවුණා.
ඒ අනුව අනාගතයේදී මෙරට කෘෂිකර්මාන්තය ජාත්‍යන්තරයෙන් ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ලෙසයි මෙය නම් කළ හැකිවන්නේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :