සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් රවටා රුපියල් එක්කොටි අසූ ලක්ෂයක් වංචා කිරීමට අදාළ සිද්ධීන් 5ක් පිළිබද පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සදහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ත්‍යාග හිමිව ඇති බවට දැනුම්දී ඒවා රේගුවෙන් මුදා දීම සදහා බව පවසමින් මෙම මුදල් වංචා කර ඇති බවයි.
ෆේස් බුක් / වට්ස් ඇප් හා වයිබර් ඔස්සේ මෙම වංචා සිදුකර ඇති බවයි තහවුරුව ඇත්තේ.
වංචාවන්ට ගොදුරුවූවන් විසින් අදාළ පුද්ගලයින්ට මුදල් ගෙවා තමන්ට හිමිවූ බව ප්‍රකාශ කළ ත්‍යාග ලබා ගැනීමට යාමේදීයි මෙම වංචාව පිළිබද අනාවරණවී ඇත්තේ.
ඒ අනුව අන්තර්ජාලය හා කෙටි පණිවිඩ ඔස්සේ විවිධ ත්‍යාග හිමිවූ බව පවසා මුදල් ගෙවා ඒවා ලබාගන්නා ලෙස කරන ඉල්ලීම් පිළිබද සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.
ෆේස් බුක්/ වයිබර් තෑගි පෙන්නලා කෝටි 2ක් උස්සලා

53408
45820
7324
270