ඉන්දියාවේ කොරෝනා මෙහෙයුම් අසාර්ථකයි / ඊයේ ආසාදිතයන් 127,000 ක්

ගතවූ පැය 24 තුල ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 127,000 ක් වාර්තාවී තිබෙනවා.
එය වඩාත් බරපතල මට්ටමෙන් ආසාදිතයන් වර්ධනය වීමක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ.
මරණ 685 ක් ද ගතවූ දිනයේ ඉන්දියාවෙන් වාර්තා වුණා.
මේ සමග එරට කොරෝනා මරණ සංඛ්‍යාව 166,862 ක් බවටයි පත්ව ඇත්තේ.
දෛනිකව එරට ආසාදිතයන්ගේ වැඩිවීම 15,000 කට වඩා වැඩි වේගයක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්.
මේ වන විට කොරෝනා එන්නත්කරණය ඉන්දියාව විසින් වේගවත් කර තිබුණද වසංගතයට එරෙහිව ක්‍රියාත්මකවීමට එය අසමත්ව තිබෙනවා.
ඒ අනුව දරුණු මට්ටමේ තත්ත්වයකට ඉන්දියාව ඉදිරියේදී යොමුවන බවටයි අනතුරු අඟවා ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *