අද සිට ඉහල නැංවෙන කිරිපිටි මිල අදාළ වන්නේ හෙට සිට ඇසුරුම් කරන සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සදහා පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.එහි සභාපති හසිත තිලකරන්න මහතා සදහන් කළේ දැනට වෙළෙඳපොළේ පවතින සම්පුර්ණ යොදය සහිත කිරිපිටි සඳහා නව මිල බල නොපාන බවයි.
එසේම ළදරු කිරිපිටි සහ මේදය රහිත කිරිපිටි සඳහා මිල වැඩිවීම අදාළ නොවන බවද සභාපතිවරයා කියා සිටියා.
ඒ අනුව කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 400 පැකට්ටුවක් සදහා රුපියල් 20කින් හා කිලෝ 1ක පැකට්ටුවක් සදහා රුපියල් 50 කින් වැඩිකිරීමට නියමිතයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :