උසස් පෙළ – 5 ශිෂ්‍යත්ව විභාග ඔක්තෝබරයේ -/සාමාන්‍ය පෙල ලබන වසරේ ජනවාරි අග

Sri Lanka

2021 අ.පො.ස උසස් පෙළ විභාගය ලබන ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය , මහාචාර්්‍යය ජී එල් පීරිස් මහතා පවසනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව අගෝස්තු මාසයේදී එම විභාගය නොපැවැත්වෙන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන ඉරිදා දිනයේත් 2021 වසරට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ත් ආරම්භ කිරීමට ත් සැලසුම් කර ඇති බවයි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාසල් විෂය නිර්දේශ සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත් වීම හමුවේ සාකච්ඡා කිරීම්වලින් පසු මෙම තීරණවලට එළඹ තිබෙනවා..

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *